Asia Pacific Choir Games සහ Grand Prix of Nations – Colombo 2017 ඔක්. 21 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – 2017 ඔක්තෝම්බර් 21 වෙනි සෙනසුරාදා සිට ඔක්තෝම්බර් 28 වෙනි දා දක්වා Asia Pacific Choir Games සහ Grand Prix of Nations – Colombo 2017  ගායනා ඉසව්ව පැවැත්වෙන කාලය තුළ කොළඹ සංගීතලෝලින්ට සුවිශේෂ අත්දැකීමක් ලබා දෙමින් සතියක් පුරා ගායනා තරඟ සහ විවිධ ප්‍රසංග උත්සව පැවැත්වේ.

මෙම උත්සව සමය තුළ මෙරට පැමිණෙන දහස් සංඛ්‍යාත ජාත්‍යන්තර සහභාගිකයන්,ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක අංශයේ අනාගතය ගොඩනැගීම සඳහා හොඳ දායකත්වයක් සපයනු ඇත.

මෙම උත්කර්ෂවත් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ඇතිව  ස්ථාපිත කල කොළඹ සංස්කෘතික මධ්‍යස්ථාන පදනම විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනය සහ ජාත්‍යන්තර ගායනා තරඟ සහ උත්සව සම්බන්ධයෙන් වූ ලොව ප්‍රධානතම ආයතනයක් වන ජර්මනියේ ඉන්ටර්කුල්ටර් හා හවුල් වී සංවිධානය කරයි.

මෙරට දේශීය සහ ජාත්‍යන්තර දෘශ්‍ය සහ රංගන කලාව සංවර්ධනය කරමින් කොළඹ දකුණු ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානය බවට පත්කිරීමේ අරමුණ ඇතිව පොදු පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ කොළඹ සංස්කෘතික මධ්‍යස්ථාන පදනම ස්ථාපිත කරන ලදි. පුණ්‍යා පදනමක් ලෙස පිහිටවනු ලැබූ කොළඹ සංස්කෘතික මධ්‍යස්ථාන පදනම පහත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරයි.

දේශීය කලාව සහ සංස්කෘතිය පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ ජනතාව අතර ජාත්‍යන්තර කලාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම, දේශීය සහ ජාත්‍යන්තර කලාව සහ සංස්කෘතිය හදෑරීමට අවස්ථාව සැලසීම තුළින් දේශීය කලාවේදීන් පෝෂණය කිරීම, දකුණු ආසියාවේ සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස කොළඹ හැදින්වීම සහ ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීම මේ හරහා සිදු කරනු ඇත.

මනෝ චන්මුගම් මහතා සභාපති සහ කළමනාකරණ භාරකරු ලෙස ද  නියෝමාල් ද අල්විස් සහ සෞන්දරී ඩේවිඩ් රොද්‍රිගෝ යන මහත්වරු විධායක කමිටුව නියෝජනය කරමින් ද මෙම පදනම පාලනය කරයි. ලයනල් ප්‍රනාන්දු, මහාචාර්්‍ය චන්ද්‍රගුප්තා තේනුවර, මහාචාර්ය සරත් අමුණුගම සහ මහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් භාරකාර කණ්ඩායම සැදුම් ගෙන ඇත.

කොළඹ සංස්කෘතික මධ්‍යස්ථාන පදනමේ සභාපති මනෝ චන්මුගම් මහතා පසුගියදා කොළඹ පැවැති මාධය හමුවකදී මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවේ ය. “සතියක කාලයක් පුරා පැවැත්වෙන තරඟකාරී උත්සවය මෙවර ප්‍රථම වරට දකුණු ආසියානු රටක පැවැත්වෙන අතර කොළඹ සංස්කෘතික මධ්‍යස්ථාන පදනමේ අපි මෙම උත්සවය කොළඹට ගෙන ඒම සඳහා INTERKULTUR සමඟ ඉතාමත් කැමැත්තෙන් හවුල් වූවෙමු. මෙම චමත්කාරජනක උත්සවය විනෝදාස්වාදය සහ තරඟ පිරිනමන තෝතැන්නක් පමණක් නොව විශේෂයෙන් අපේ තරුණ පරපුරට බහු සංස්කෘතික දැනුම සහ අත්දැකීම් ලබා ගත හැකි පසුබිමක් සකසනු ඇත.”

මෙම උත්සවයේ ඉතාමත් සුන්දර ඉසව්ව ඔක්තෝම්බර් 24 වෙනි අගහරුවාදා පැවැත්වෙන අතර ජාතීන් 10 ක් නියෝජනය කරන ගායකයින් 3,000 කින් පමණ සැදුම් ලත් ගායනා කණ්ඩායම් 70 ක් නෙලූම් පොකුණ රංගන ශාලාවේ සිට විහාර මහා දේවී උද්‍යානය දක්වා ගොස් නැවත නෙලූම් පොකුණ වෙත පැමිණෙමින් කොළඹ 07 විදී වර්ණවත් ප්‍රසංගයක සිරි ගන්වනු ඇත.

මීට පෙර පැවැති දකුණු ආසියානු ගායනා තරඟ තුනකින් දෙකක් ඉන්දුනීසියාවේ ද එකක් දකුණු කොරියාවේ ද පැවැත්වුණු අතර ශ්‍රී ලාංකීය ගායනා කණ්ඩායම් වන රෙවෙලේෂන්ස්, වොයිස්.ප්‍රින්ට්, සෝල් සවුන්ඩ් ඇකඩමි සහ වොයිසස් ඉන් හාමනි තරඟ වැද සම්මාන දිනා ගන්නා ලදි.

මෙවර උත්සවය සඳහා කාණ්ඩ 10 බැගින් යුත් ප්‍රධාන තරඟ තුනක් ඇතුළත් වේ. ආසියානු පැසිපික් කලාපයේ ඕනෑම ප්‍රදේශයක වෙසන ගායනා කණ්ඩායම්වලට ඔවුන්ගේ වර්තමාන ජයග්‍රාහණ මට්ටම නොසළකා විවෘත තරඟය සඳහා සහභාගී වීමේ අවස්ථාව ඇත. ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වී අත්දැකීම් ඇති ගායනා කණ්ඩායම්වලට ආසියානු පැසිපික් ශ+රතා තරඟය සඳහා සහභාගී වී හැකි අතර  ජාත්‍යන්තර තරඟකාරී අත්දැකීම් ඇති ගායනා කණ්ඩායම් ඨර්බා ඡරසං දෙ භ්එසදබි ඉසව්වේ දී එකානෙකා හා තරඟ කරනු ඇත. සියළුම තරඟ සංගීතය සහ ගායනය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති ජාත්‍යන්තර ජූරීසභිකයන් විසින් විනිශ්චය කරනු ලැබේ.

තරඟකාරී සහ තරඟකාරී නොවන සහභාගිත්වයට අමතරව ගායනා කණ්ඩායම්වලට ඔවුන්ගේ විවේක වෙලාවන්හීදී අපගේ සුන්දර රටතුළ සංචාරය කර අනෙකුත් ගායනා කණ්ඩායම් සමඟ එක්ව මිතුරු ප්‍රසංග කොළඹ නඟරයේ පොදු වීදිවල රඟ දැක්විය හැකි ය.  මෙම නොමිලේ පැවැත්වෙන මහජන ප්‍රසංග ඔවුනට ඔවුන්ගේ සංගීත සම්ප්‍රදායන් අනෙකුත් ගායනා කණ්ඩායම් සමඟ මෙන්ම ශ්‍රී ලාංකිකයන් අතර ඛෙදා ගැනීමට අවස්ථාව සලසනු ඇත. එපමණක් නොව මෙරට පාසල් සිසුන්ගේ සංස්කෘතිය රුචිය සහ කලාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ජූරි මණ්ඩලයේ තෝරා ගත් සාමාජිකයින් විසින් දේශීය පාසල්වල වැඩමුළු සහ පංති පවත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *