නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත ලබන ඔක්තෝබරයේ

(කොළඹ, ලංකාපුවත්) – නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එහි පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැදුනුම්පත් අයදුම් කරන්නන්ට හා නැතිවුණු අයදුම්පත් හා සංශෝධන අයදුම්පත් හා නව ජාතික ස්මාර්ට් හැදුනුම්පත ලබා දෙන බව දෙපාර්තමේන්තුව සදහන් කළේය.

දෙවන අදියර යටතේ 2018 වසරේ සිට මෙම නව ජාතික හැදුනුම්පතට ඇගිලි සලකුණ හා ඡායාරූපය ඇතුලත් ජීවමිතික දත්ත ඇතුලත් කෙරෙනු ඇත. ඒ සදහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාම ලේඛන රටපුරා සැකසෙන බවද එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

ජීවමිතික දත්ත් සහිත ස්මාර්ට් ජාතික හැදුනුම්පත දැනට ජාතික හැදුනුම්පත් හිමි මිලියන 16කට නැවත ක්‍රමානුකූලව අලුතින් ලබා දීමට නියමිතය.

මේ සමගම ව්‍යාජ හැදුනුම්පත් සැකසීම හා හැදුනුම්පත හා සම්බන්ධ වංචනික ක්‍රියා මුළුමනින්ම නතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *