ඇමති ෆොන්‍සේකාගේ නිවස ඡායාරූප ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නාරාහෙන්පිට හීං ඇල ප්‍රදේශයේ සිටින හිටපු යුධ හමුදාපති හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිවස ආසන්නයේ සැකකටයුතු ලෙස ඡායාරූප ගනිමින් සිටි සැකකාර පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ලිදුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 හා 27වල පසුවන ඔවුන් දෙදෙනාව නාරාහෙන්පිට පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනො අමාත්‍යවරයාගේ නිවස අසල පිහිටි දේවස්ථානයක් වෙත පැමිණ යමින් සිටියදි මෙලෙස ඡායාරූපය ගෙන ඇත. මෙම සිදුවිම වන අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා නිවසේ සිට ඇති බව පොලිසිය සිදුකරන ලද පරික්ෂණ මගින් අනාවරණය වි තිබේ.

මොවුන් දෙදෙනා නාවල ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක සේවය කරන අයවලුන් බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.

ඔවුන් මෙලෙස ඡායාරෑප ලබා ගන්නා ලද්දේ යම් අපරාධයක් සිදුකරිමේ අරමුකින්ද , නැද්ද යන්න සම්බන්ධයෙන් නාරාහෙන්පිට පොලිස්ථානය මගින් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *