ඇමරිකානු හමුදාපතිවරයා දකුණු කොරියාවේ

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවෙන් එල්ලවන න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද හමුදාපති ජෙනරාල් ජෝසෆ් ඩන්ෆොර්ඩ් දකුණු කොරියාවට පැමිණ ඇත.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ එරට ආරක්ෂක ඇමතිවරයා හමුවී දෙරට අතර පවතින ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

එම සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු හමුදාපතිවරයා චීනය සහ ජපානය බලා පිටත්ව යනු ඇත.
ඇමරිකානු හමුදාපතිවරයා මේ වනවිටත් ඔසාන් නුවර පිහිටි හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක් නිම කර තිබේ. ඇමරිකානු හමුදා රඳවා ඇති මෙම කඳවුර පිහිටා ඇත්තේ දකුණු කොරියාවේ සෝල් අගනුවරින් දකුණු පෙදෙසට වන්නටය.

දකුණු කොරියාවේ රඳවා ඇති එක්සත් ජනපද හමුදා භටයන්ගේ මුළු ගණන තිස් දහසකට ආසන්න වේ.

අමෙරිකානු භටයන් රඳවා සිටීම දකුණු කොරියාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන වැදගත් සාධකයක් කොට සැලකේ.

එක්සත් ජනපද හමුදාපතිවරයා දකුණු කොරියාවට පැමිණියේ උතුරු කොරියාව සහ ජනාධිපති ට්‍රම්ප් අතර වාග් සංග්‍රාමයක් ඇතිවී තිබෙන අතරතුරය.
එහි දිගුවක් ලෙස උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ ඇමරිකානු හමුදා රඳවා ඇති ගුවාම් දූපත දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ඇති බවය.
ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ මින් පෙර නොදුටු විරු “විනාශකාරී කොපාග්නියකට” උතුරු කොරියාව මුහුණ දෙනු ඇති බව පවසමිනි.
නමුත් උතුරු කොරියාවේ එකම බලවත් මිත්‍ර රාජ්‍යය වන චීනය, දෙපාර්ශවයෙන්ම සංවරය සහ හික්මීම ඉල්ලා සිටී.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *