නීතිමය කරුණු අධ්‍යයනය කිරීමට හැකි විද්‍යුත් දත්ත ගබඩාවක්

(කොළඹ, ලංකාපුවත්) – සෑම විනිසුරුවරයෙකුටම ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තම විද්‍යුත් සන්නිවේදන උපකරණ තුළින් අවශ්‍ය නීතිමය කරුණු අධ්‍යයනය කිරීමට හැකි විද්‍යුත් දත්ත ගබඩාවක් හඳුන්වාදීම (SLJI NET) පසුගියදා සිදු කෙරුණි.

ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේදී එම කටයුත්ත සිදු විය.

ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ නිර්මාතෘ හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ.සෝශා (J.F.A. Soza) දෙවන අනුස්මරණ දේශනය ද එහිදී පැවැත්විණි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී ජනාධිපති නීතිඥ K.Kang-Isvaran මහතා විසින් හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ.සෝශා (J.F.A. Soza) දෙවන අනුස්මරණ දේශනය පවත්වන ලදී.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ,අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වීම සිදු කළ අතර , උත්සවයේ පිළිගැනීමේ කථාව ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි.

JUDGES JURNEL iv වෙළුම එහි කර්තෘ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා මහතා විසින් පිළිගැන්වීම සිදු කළේය.

SLJI NET හරහා දත්ත ගබඩාවට ඇතුළත්වීම තුළින් නීතිමය කරුණු අධ්‍යයනය කිරීමේ හැකියාව මෙරට විනිසුරුවරුන්ට මේ තුළින් හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු L.T.B.දෙහිදෙණිය, යන මහත්වරුන් USAID ආයතනයේ නියෝජිතයින් විනිසුරුවරුන් නීතිඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *