ආනයනික සීනි බදු ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 08.00කින් වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය සදහන් කළේය.

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි එම මිල ඉහළ නැංවීම ක්‍රියාත්මක ය.

මේ වන විට සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 10 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර නව මිල ඉහළ නැංවීමත් සමඟ එම බද්ද රුපියල් 18 ක් දක්වා ඉහළ යනු ඇත.

දේශීය උක් ගොවීන් දිරි ගැන්වීම සඳහා මෙම ආනයනික සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය පැවසීය.

කෙසේවෙතත් මෙම බදු ඉහළ නැංවීම මත වෙළඳපොළ සීනි මිල ගණන් ඉහළ දැමීමක් සිදු නොකරන බව සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *