ගුවාම් දිවයිනට පහරදීමේ සැලසුම උතුරු කොරියා නායකයා වෙත භාරදෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට අයත් ගුවාම් දිවයිනට පහරදීමේ සැලසුම උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙත භාර දී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

එහෙත් ගුවාම් දිවයිනට පහරදීමට පෙර උතුරු කොරියා නායකයා අමෙරිකාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව එම වාර්තාවේ දැක්වේ.

උතුරු කොරියාව ගුවාම් දිවයිනට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බව පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණි. ඒ සමග අමෙරිකාව සහ උතුරු කොරියාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍ර වී තිබේ.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් මෙම සැලසුම දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර සකස් කර ඇති බව කොරියා මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *