මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පැවැත්වේ

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද(15) ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

ඊයේ(14) මඩු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීම, මඩු මංගල්‍යයට ආශිර්වාදයක් වූ බව වාර්තා වේ. ලක්වාසී කතෝලික බැතිමතුන්ගේ ප්‍රධානතම දේවස්ථානයක් ලෙස මන්නාරම මඩු දේවස්ථානය සැලකේ.

මෙය, අවුරුදු 400කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන්නකි.

වාර්ෂිකව අගෝස්තු මාසයේ පැවැත්වෙන මඩු මංගල්‍යය විශේෂ මංගල්‍යයක් ලෙස සැලකෙනු ලැබේ. මේ වසර සඳහා වන මංගල්‍යය, දින 9ක් පුරා පැවැත්වුණි.

ඊයේ විශේෂ පුදපුජා, මඩු දේවස්ථානය තුළ පැවැත් වුණි.

අද දිනයේ මංගල්‍යය, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *