අප ගැන විශ්වාසය තබන්න – උපුල් තරංග ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටි.

ඔහු පවසන්නේ, ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම්කරමින් ඊට අදාළ මාධ්‍ය නිවේදනය සමඟින් ඔහු මෙම නිවේදනයද නිකුත් කර තිබුණා.

සෑම කණ්ඩායමක්ම පසුබෑම්වලට මුහුණදෙන බවත්, ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශවලින් සිය බලපරාක්‍රමය දරා සිටි කණ්ඩායම දැන් මුහුණදෙන අමිහිරි තත්ත්වය හමුවේ එය අමතක නොකරන ලෙසත් උපුල් තරංග මේනිවේදනය මඟින් ඉල්ලා තිබෙනවා.

නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා කෙසේ වෙතත් එහි ධනාත්මක බලපෑම් මතුපිටින් පෙනීමට තව යම් කලක් ගතවිය හැකියි බවත් ඔහු පවසනවා.

“මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න. නැගී සිටින්නට අපට ශක්තියක් වන්න’’ යනුවෙන්ඒ නිවේදනයෙන් ඉල්ලීම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *