විගමනික ශ්‍රමිකයින්ගේ ගැටළු විසදීමට පැය 24ක තොරතුරු සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – විගමනික ශ්‍රමිකයින්ගේ ගැටළු විසදීම සදහා වැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ආරම්භ කර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

එහි ඍජු වගකීම තමන් සතු බව අමාත්‍යවරිය කියා සිටියාය.

මෙම මධ්‍යස්ථානය හරහා තමන් විදේශ ගතවන රැකියා නියෝජිතායතනය සම්බන්ධයෙන් ද තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

0112 – 879900, 0112 – 879901, 0112- 879902 යන දුරකථන අංක ඔස්සේත්, 0112-879903 ෆැක්ස් අංකය ඔස්සේත්, 24 Hours Call Center-SLBFE ස්කයිප් ඔස්සේ සහ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ මෙම මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ විය හැකිය.

තලතා අතුකෝරළ අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ මෙරට සියළුම විගමනික ශ්‍රමිකයින්ගේ ආරක්‍ෂාව තම වගකීමක් බවත් මෙරටට වැඩිම විදේශ විනිමය ගෙනෙන විගමනික ශ්‍රමිකයින්ගේ සුරක්‍ෂිතභාව වෙනුවෙන් ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

ඒ අනුව ගමින් ගමට ගොස් විගමනික ගැටළු සොයාබැලීමේ “ශ්‍රමික සුරැකුම” ජංගම සේවා වැඩසටහනක් ද දියත් කර ඇත. එම වැඩසටහනේ මීළඟ වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අගෝස්තු 19,20 හා 21 දිනවලත් 27 හා 28දිනවලත් පැවැත්වෙනු ලැබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *