ධීවර යාත්‍රාවල තත්ත්වය බලන්න ඉන්දියාවෙන් කණ්ඩායමක් එයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය විසින් නිදහස් කරනු ලැබු ඉන්දීය ධීවර යාත්‍රාවල තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා තමිල්නාඩු නියෝජිත කණ්ඩායමක් අද(17) දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන්දීය ධීවර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා රජය පසුගිය දා ඉන්දියාවට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ ධීවර යාත්‍රාවල තත්ත්වය පිළිබදව සොයැබැලීම සඳහා නියෝජිත කණ්ඩායමක් මෙරටට එවීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ.

ඔවුන් ධීවර යාත්‍රාවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවා ඉන්දියාවට ගෙනයාම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *