රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැගිය හැක්කේ ජාතික සංහිදියා පිළිවෙතෙන් පමණයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංහිදියාව සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඇතැමුන් අපහාසයට සහ උපහාසයට ලක් කළද රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැගිය හැක්කේ ජාතික සංහිදියා පිළිවෙත සාර්ථක කර ගැනීම තුළින් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි.

අත්තනගල්ල, තිහාරිය, අල් අස්හර් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට අද (17) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

මල්වතු පාර්ශ්වයේ උපාධ්‍යාය ධූරන්ධර සීනාධී සිවු කෝරලයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් මෙම නව තෙමහල් ගොඩනැගිල්ල පාසල වෙත ලබාදී තිඛෙන අතර සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එය සිසු අයිතියට පවරා දෙනු ලැබීය.

පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමින් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර, අත්තනගල්ල තිහාරිය මුස්ලිම් ජනතාවගේ උපහාරය පිරිනමමින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විණි.

මහනුවර මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නායක ස්වාමින් වහන්සේ, කැළණිය විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරුන් ඇතුථ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් සහ විදුහල්පති එම්.ඒ.එම් අස්මීර් මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදිසිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *