“හෙට දකින රනිල්” ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් අද

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන ගමන් මගේ සුවිශේෂී අවස්ථා විදහා දැක්වෙන හෙට දකින රනිල් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද(17) සවස 3.30ට ආරම්භ වේ.

ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගීවීමට නියමිතය. ප්‍රදර්ශනය අද සිට ලබන 20 වැනි දින දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතය.

1977 වසරේ එවකට ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුනු රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබවූ පුද්ගලයෙක් ලෙස සැලකේ. දශක හකරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ ඒ මහතා සිදු කළ ජාතික මෙහෙවර ඇගවීම ප්‍රදර්ශනයේ අරමුණ වේ.

ලාංකෙය දේශපාලනයේ පරිනත දේශපාලන නායකත්වයක රුව, ගුණ විදහා දැක්වෙන සේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා අග්‍රාමාත්‍යවරයාගේ සුවිශේෂ මැදිහත්වීම ඉස්මතු කරමින් මේ ප්‍රදර්ශනය සංවිධාන කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *