හම්බන්තොට වරාය බදුදීම තුළින් ශ්‍රී ලංකා රජය උපායමාර්ගික පියවරක් තබා තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නෞකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය(SLAVO), ශ්‍රී ලංකා නැව් භාණ්ඩ මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLFFA), ශ්‍රී ලංකා නැව් නියෝජිතයන්ගේ සංගමය(CASA) යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වරාය භාවිත කරන්නන්ගේ සංවිධාන හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන බදු ගිවිසුම පිළිබඳව රජය වෙත සිය ප්‍රසාදය පළ කර සිටී.

පසුගියදා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සමග හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් පවත්වන ලද දැනුවත් කිරීමේ හමුවේදී ඔවුන් මේ බව පවසන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ලද නෞකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය පවසා ඇත්තේ හම්බන්තොට වරාය බදුදීම තුළින් ශ්‍රී ලංකා රජය උපායමාර්ගික පියවරක් තබා ඇති බවත්, එය වෙළඳ මෙන්ම ආර්ථික වශයෙන්ද වාසිදායක බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *