හවුස් බොක්ස් ඔෆීස් හි ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන හවුස් බොක්ස් ඔෆීස් හි ෆේස්බුක් හා ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ, අවර් මයින් ලෙස හඳුන්වා ගත් හැකර්වරුන් පිරිසකගෙනි.

මේ සයිබර් ප්‍රහාරය හේතුවෙන්, සුප්‍රකට ටෙලිකතා මාලාවක් වන ගේම්ස් ඔෆ් ත්රෝනස් හි නාට්‍ය පිටපත් රැසක් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත. එච් බී ඕ නාලිකාව ඒ සම්බන්ධයෙන් දැනට කිසිවක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

අවර් මයින් හැකර්වරුන් මීට පෙර නෙට්ෆ්ලික්ස්, ෆේස්බුක් හා ගූගල් නිර්මාතෘවරුන්ගේ ට්විටර් ගිණුම් තම ග්‍රහණයට නතුකරගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *