එංගලන්තයේ මැන්චෙස්ටර් එක්ස්පෝ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ මැන්චෙස්ටර් එක්ස්පෝ ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා දිවයිනට පැමිණියා.

වයස අවුරුදු 15න් පහල එක්ස්පෝ ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම මෙලෙස දිවයිනට පැමිණියේය. ඒ මෙරට දී තරග හයකින් යුත් තරගාවලියකට එක්වීම සඳහාය.

ඔවුන් සමගින් එන් සී සී, සී සී සී, කෝල්ට්ස්, මුවර්ස් සහ මීගමුව ක්‍රිකට් ඇකඩමි යොවුන් ක්‍රීඩකයින් සමගින් තරග වැදීමට නියමිතය.

මෙම තරගාවලිය ලබන 25වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

පන්දුවාර හතලිහේ තරග දෙකක්, 20- 20 තරග හතරක් මෙම තරගාවලියට ඇතුලත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *