‘අමරදේව අසපුව’ ඉදිකිරීම 28වනදා

(කොළඹ, ලංකාපුවත්) – ‘අමරදේව අසපුව’ නමින් ‍‍ඵෙතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව ලබන 28වනදා සිදු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදු කෙරේ.

ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සංගීත් ක්ෂේත්‍රයට සිදු කරන ලද අනභිභවනීය මෙහෙය කෘතවේදීව අගයනු වස් ‘අමරදේව අසපුව’ ඉදි කෙරේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මීට අදාළ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *