ඇමති විජේදාස ඉවත් කරන්නැයි එජාප කෘත්‍යාධීකාරී තීරණය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය එකමතිකව තීරණ කර තිබේ.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීමට රාජපක්ෂ මහතා අපොහොසත් වී ඇති බැවින් සහ තව දුරටත් රජයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කටයුතු සිදු කරන බැවින් පක්ෂය මෙම තීරණය ගත් බව පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය 17 වනදා පැවැත්වු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයාගේ හැසිරීම පිළිබඳ දිගින් දිගටම අවධානය යොමු වු බවත් එහිදි විජේදාස රාජපක්ෂ මහතා පක්ෂයෙත්, කැබිනට් මණ්ඩලයෙත් සාමුහික වගකීම උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එම ප්‍රකාශයන් නිවැරදි කර ගැනීම සඳහා රාජපක්ෂ මහතාට ඊයේ(21) දිනය වන තෙක් කාලය ලබා දි තිබු නමුත් අද(22) වන විටත් එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කබීර් හෂීම් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ද අදාළ නිවේදනයේ තව දුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *