පුජ්‍ය පක්ෂයට ජයවර්ධනපුර රෝහලෙන් නොමීලේ ප්‍රතිකාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන පූජ්‍ය පක්‍ෂයෙන් මුදල් අයනොකරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ පාලනාධිකාරියට දැනුම් දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ පූජ්‍ය පක්‍ෂය සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට ගෙන ගිය ක්‍රමවේදය සඳහා වැය වන මුදල ඉතා අධික බව රෝහල් කාර්ය මණ්ඩලය මඟින් නිරීක්‍ෂණය කර තිබුණි.

ඒ අනුව නේවාසික ප්‍රතිකාර සඳහා පමණක් රෝහල අවට ඇති ආගමික සිද්ධස්ථානවල පූජ්‍ය පක්‍ෂයට සීමා වන සේ කටයුතු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ. එම තීරණය අවලංගු කරමින් රෝහලට පැමිණෙන පූජ්‍ය පක්‍ෂයට නොමිලේ නේවාසික හා බාහිර පහසුකම් ලබාදෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ පාලනාධිකාරියට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *