ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ ප්‍රදර්ශන තරගයක් පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ ප්‍රදර්ශන තරගයක් පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පසුගිය වසර නවය පුරාම පාකිස්තානයේ කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් සංචාරය කර නැත. එහෙත් පාකිස්තාන බලධාරීන් එරට ආරක්‍ෂාව මේ වන විට තහවුරු කර තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව එක් පන්දුවාර 20-20 තරගයකට ලාහෝර් නුවර දී එක්වීමට නියමිතය.

ඊට පෙර ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ ප්‍රදර්ශන තරගයක් පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත.

මෙය පාකිස්තානයේ ආරක්‍ෂාව තහවුරු කළ හැකි තවත් ක්‍රමයක් ලෙස එරට ක්‍රිකට් බලධාරීන් පවසයි.

ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙරටදී ද ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් සඳහා එක්වීමට නියමිතය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *