හජ් උත්සවය 02වනදා සැමරෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාම් භක්තිකයින් විසින් සමරන හජ් උත්සවය එළඹෙන දෙවනිදා පැවැත්වීමට තීරණය වී තිබේ.

කොළඹ මහ පල්ලිය පැවසුවේ ඊයේ(22) දිනයේදී දිවයිනේ කිසිඳු ස්ථානයක නව සඳ දිස් නොවූ බවයි.

මේ හේතුවෙන් අර්ෆා දිනය එළඹෙන සැප්තැම්බර් පළවෙනිදා පැවැත්වීමට ද කොළඹ මහ පල්ලිය තීරණය කර ඇත.

හජ් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීම ද සිදුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *