ශ්‍රී ලංකා ආර්ථිකය ධනාත්මක වර්ධනයක – ලෝක වෙළෙද සංවිධානය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව ලෝක වෙළෙඳ සංවිධානය සදහන් කරයි. සිය නවතම සමීක්‍ෂණ වාර්තාව මඟින් එම සංවිධානය මේ බව හෙළිකර ඇත.

ලොව පුරා රටවල් 164ක ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් 1994 වර්ෂයේ සිට ලෝක වෙළෙඳ සංවිධානය සමීක්‍ෂණ වාර්තා නිකුත් කරනු ලැබේ.

එම සංවිධානයේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය වෙනුවෙන් පසුගිය වසරේ දී සිදුකළ නිරීක්‍ෂණයන්ට අනුකූලව නවතම වාර්තාව එළිදක්වා තිබේ.

එහි සඳහන් ආකාරයට 2010 වර්ෂයට සාපේක්‍ෂව 2016 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි.

ලොව බොහෝ රටවලට මෙම ධනාත්මක ආර්ථික වර්ධනය ළඟා කරගැනීමට නොහැකි වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තු වාර්තා හා ලෝක වෙළෙඳ සංවිධානයේ නිරීක්‍ෂණ වාර්තා ඇසුරෙන් අදාළ වාර්තාව සකස් කර ඇත. එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලෝක වෙළෙඳ සංවිධානයේ සමුළුවක දී ඉදිරිපත් කළ කරුණු ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

පසුගිය වසරේ ජිනීවා හිදී ලෝක වෙළෙඳ සංවිධානයේ සමාලෝචන සැසිය පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා එහිදී කරුණු දැක්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *