රාගම රෝහලේ හෙද නේවාසිකාගාරයෙන් මිනිස් අස්ථි කොටස් හමුවේ

(කොළඹ, ලංකාපුවත්) – රාගම මහරෝහලේ හෙද නේවාසිකාගාරය අසළ වළකින් මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන තිබේ.

ඒවා වැඩිදුර පරීක්ෂණ සදහා අද(24) ගොඩ ගැනීමට නියමිතය.

රාගම මහරෝහලේ හෙද නේවාසිකාගාරය අවට වල් බිහිවීම හේතුවෙන් එම ඉඩම එළිපෙහෙලි කිරීමට රෝහල් පාලන අධිකාරිය විසින් පෞද්ගලික සමාගමකට පවරා තිබුණි. එහි කම්කරුවන් දෙදෙනෙකු ඉඩම එළිපෙහෙලි කරමින් සිටින අතරතුර අත්හැර දමා තිබූ පල්දෝරු වළක් තුළ මිනිස් හිස් කබලක් හා අස්ථි කොටස් කිහිපයක් ඇති බව දැක තිබේ. ඔවුන් මේ බව පාලනාධිකාරියට දැනුම් දී ඇත.

අනතුරුව මහර මහේස්ත්‍රාත්වරයා අදාල ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *