නොබියව මුහුණ දෙන බව ඇමති රාජිත කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඒකාබද්ධ විපක්ෂය තමාට එරෙහිව විශ්වාසභංග යෝජනා එකට දහයක් ගෙනාවත් තමා නොබියව ඊට මුහුණ දෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත ඊයේ(24) භාරදී තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“අහුලගත් චෝදනායි මේ විශ්වාසභංග යෝජනාවේ දකින්න ලැබෙන්නේ.  මේ රජයෙන් හැම දූෂිතයෙක්ම මිනීමරුවෙක්ම නීති ඉදිරියට ගෙන ඒමට මගේ ශක්ති ප්‍රමාණයෙන් හැම දෙයක්ම මා කරනවා. ” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *