අමෙරිකා වැඩබලන සහකාර ලේකම්වරිය මෙරට සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ වැඩබලන ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් සහ ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය සඳහා වන වැඩබලන විශේෂ නියෝජිත ඇලිස් වෙල්ස් මහත්මිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ආසියානු රටවල් කිහිපයක සංචාරයක් අතර වාරයේ දී ඇය මෙරටට පැමිණෙන අතර එම සංචාරය අද (28) ආරම්භවීමට නියමිත බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ මස 31 වැනිදා ඉන්දීය සාගර සමුළුව කොළඹ දී ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඇලිස් වෙල්ස් මහත්මිය ලබන මස පළමු වැනිදා එම සමුළුව ඇමතීමට නියමිතව තිබේ. ඉන්දියානු සාගර කලාපීය රටවල සාමය සංවර්ධනය සහ සෞභාග්‍යය පිළිබඳ එහි දි අවධානය යොමු කෙරේ.

වැඩබලන අමෙරිකා සහකාර ලේකම්වරිය මෙරට රැඳී සිටින කාලය තුළ රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ව්‍යාපාරික නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *