රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිදුවීමේ සැකකාර ගුරුවරයා රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් උපකාරක පංති ගුරුවරයෙකු විසින් අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි සැකකාර උපකාර පන්ති ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඔහු අගෝස්තු මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකාර ගුරුවරයා අද(28) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලීසියෙන් ද ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 05දෙනෙකුද අත්අඩංගුවට ගෙන ලබන 30වනදා දක්වා රක්‍සිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *