කෙන්යාව පොලිතින් බෑග් තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – වසර ගණනාවක් තිස්සේ සිදු වූ ප්‍රමාද කිරීම්වලින් පසු කෙන්යාව පොලිතින් බෑග් තහනම ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව පොලිතින් උර විකිණීම, නිෂ්පාදනය සහ ඒවා ගෙන යන පුද්ගලයින්ට ඩොලර් 38,000ක දඩයක් හෝ සිව් වසරක සිර දඩුවම් නියම වේ.

පරිසරය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව කෙන්යා රජය පවසයි. එහෙත් තහනම සමග 80,000ක පමණ සේවකයින්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව පොලිතින් නිෂ්පාදකයන් පෙන්වා දෙයි.

කෙන්යාවේ පසුගිය වසර 10 තුළ මෙලෙස පොලිතින් බෑග් තහනම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර තිබුණි.

දකුණු අප්‍රිකාව, රුවන්ඩාව සහ එරිත්‍රියාව ඇතුළු තවත් අප්‍රිකානු රටවල් රැසක් පොලිතින් බෑග් මේවන විට තහනම් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *