අල්ලසක් ගත් විදුහල්පතිවරියකට වසර 08ක සිරදඩුවම්

(කොළඹ, ලංකාපුවත්) – පළමු ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ පානදුර ප්‍රදේශයේ පාසලක හිටපු විදුහල්පතිවරියකට වසර 08 ක සිර දඬුවම් නියම වී තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවකට අදාළව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම සිර දඬුවම් නියම කර ඇත.

වසර 08 ක සිර දඬුවමට අමතරව විත්තිකාර විදුහල්පතිවරියට රුපියල් 2500ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල නොගෙවන්නේ නම් අතිරේකව තවත් වසරක සිර දඬුවමක් නියම කර තිබේ.

2009 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට 2008 වසරේ නොවැම්බර් මස 16 වන දා විත්තිකාර විදුහල්පතිවරිය එම රුපියල් 25,000ක අල්ලස් මුදල ලබාගෙන ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *