කයිට්ස් හි තරුණයින් 06ක් දියේ ගිලී මරුට

(කොළඹ, ලංකාපුවත්) – කයිට්ස්, එලිතිව් ජැටිය ආසන්න කළපුවේ තෙප්පමක් පදිමින් සිටි තරුණයන් 07දෙනෙකු තෙප්පම පෙරළීමෙන් දියේ ගිපී ඉන් 06දෙනෙකු මිය ගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ ඊයේ(28) සවස 01.35ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.

මිය ගිය තරුණයින් වය අවුරුදු 21 හා 17 සීමාවල පසුවන අය වේ. මෙලෙස මිය ගිය තරුණයින් යාපනය දිස්ත්‍රික්කයේ ම පදිංචි කරුවන් ය.

මෘත ශරීර මේ වන විට යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ අද(29) සිදු කිරීමට නියමිතය.

කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *