හිටපු අමාත්‍ය ඒ.එච්.එම් අස්වර් අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අමාත්‍යවරයෙකු වූ ඒ.එච්.එම් අස්වර් මහතා අද(29) පස්වරුවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 80 වෙනි වියේ පසුවිය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය අතරතුරදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

එමෙන්ම පසු ගිය සති දෙකක කාලය තුළදීද ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගනිමින් සිට තිබුණි.

හිටපු අමාත්‍ය අස්වර් මහතා අවසන් වරට නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

1950 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කළ අස්වර් මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා වරම් හිමිකර ගෙන ඇත්තේ 1989 වසරේදීය.

ඒ මහතාගේ දේහය අද රාත්‍රියේ දෙහිවල, අංක 04, බාතිය මාවත, 4 වෙනි පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *