ඩෙංගු එන්නතක් පිළිබඳව සෞඛ්‍ය ඇමතිගේ අවදානය

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය සම්බන්ධ ගෝලීය මට්ටමේ මහාචාර්යවරයෙක් වන මහාචාර්ය Scott B Halsted මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ඩෙංගු රෝගය සදහා එන්නත් ලබාදීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එය පැවැත්වුණි.

එහිදී මෙම එන්නත ප්‍රංශය, තායිලන්තය සහ ජපානය යන රටවල් වල නිෂ්පාදනය කර ඇති බව සදහන්ව ඇත

එම සාකච්ඡාවෙන් පසු එම මහාචාර්යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් ද පවත්වමින් ප්‍රකාශ කළේ ඩෙංගු රෝගය සදහා එන්නතක් ලබාදීම සම්න්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන විමසිලිමත්භාවය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි.

ඒ පිළිබදව විද්‍යානුකූලව සිතා බලා තවදුරටත්සාකච්ඡා කර තීරණයක් ගැනීමට කටයුතු කිරීම පැසසුමට ලක්වන බවත් කියා සිටි ඒ මහතා ලෝකයේ රටවල් 120ක පමණ ඩෙංගු රෝගය ව්‍යාප්තව පවතින බව ද කියා සිටියේය. එය පාලනය කිරිම අභියෝගයක් බව ද කෙසේ වෙතත්ඩෙංගු රෝගයට එන්නතක් සොයාබැලිම පිළිබද පරීක්ෂණ ගණනාවක් පැවැත්වෙන බවත්, නමුත් නිශ්චිත එන්නතකුමක් ද යන්න පිළිබද තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවත් පැවසීය.

මේ වනවිට සිංගප්පූරු වෙළෙදපොලේඑන්නතක් පවතින බවත්, එම එන්නත සම්බන්ධයෙන් ගැටලු පවතින බව ද පැවැසීය. කෙසේ වෙතත් නව එන්නත්ලබාදීමට පෙර ඒ පිළිබදව නිසි තක්සේරුවකට පැමිණිය යුතු බවත්, කිසිදු ජීවිත හානියක් සිදු නොවීමට ද වගවලාගත යුතු බවත්, ඩෙංගු එන්නත පිළිබද ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු දක්වන සැළකිල්ල පිළිබදව තමන් අගය කරන බව ද වැඩිදුරටත් සදහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය අසිත ද සිල්වා මහතා ප්‍රකාශ කලේ ඩෙංගු එන්නත පිළිබද නිවැරදි තක්ෂේරුවකට පැමිණ විද්‍යාත්මකව සොයා බලා දත්ත අනුව තීරණයකට එළඹීම සිදු කරන බවයි. එතෙක් එන්නත ලියාපදිංචි නොකරන බවත්, සිංගප්පූරුවේ දී එන්නත ලබාගැනීමට ප්‍රථම එරට වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත්, එන්නත නිසා හානි ඇතිවීමේ ඉඩකඩ පවතින බව සදහන් කළේය.

මෙම අවස්ථාවට එක් වූ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා සදහන් කළේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට අඩු මට්ටමක පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *