යුනිසෙෆ් ආයතනයෙන් ජල බවුසර්

(කොළඹ, ලංකාපුවත්) – නියගයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සැපයීමේ කටයුතු තවදුරටත් පුථල් කිරීම සදහා යුනිසෙෆ් ආයතනය විසින් පරිත්‍යාග කළ ජල බවුසර් 04 ක් යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත Tim Sutton මහතා ඇතුළු නියෝජිත පිරිස විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

ජනාධිපතිතුමා විසින් එම ජල බවුසර්වලට අදාළ ලිපි ලේඛන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අමාත්‍යාංශ ලේකම් සරත්චන්ද්‍ර විතාන යන මහත්ම මහත්මීන් වෙත භාර දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *