(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුව අද (29) ඉල්ලා අස් වී තිබේ.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත අද දහවල් බාරදී ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති විවේචන හේතුවෙන් ඔවුන් මෙලෙස ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මෙම පිරිසේ අත්සන්වලින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත භාර දෙමින් මෙම තීරණය දැනුම් දෙනු ලැබිණි.
එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇත.