20 ට දකුණ අකමැතියි – සෙංකෝලය 04 ට කැඩේ

(කොළඹ, ලංකාපුවත්) – 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්විය.

පළාත් සභා නවයේම ඡන්ද එකම දිනක පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනිමට 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෙලෙස ඉදිරිපත් කර ඇත.

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද නොලැබුණු අතර විපක්ෂව ජන්දය 27 ක් ලැබුණූ බ‍ෙ එම පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා කියා සිටියෙ.

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් සභාවේ සෙංකෝලය රැගෙන වැසිකිළියට දිව ගිය අතර ඒ පසුපස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දිව ගොස් එය උදුරගෙන තිබේ. උණුසුම් තත්ත්වයක් එම අවස්ථාවේදී ඇතිවි ඇති අතර මන්ත්‍රීවරුන් ගුටිබැට හුවමාරු කර ගැනිමක්ද සිදුව ඇත.

එහිදි සෙංකෝලය කොටස් හතරකට කැඩි ඇති අතර පසුව එම කොටස් එක් කර සෙංකෝලය නැවත සකස් කර සභාව නැවත පවත්වනු ලැබු බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *