ඩෙංගු රෝගයේ අඩුවීමක්

(කොළඹ, ලංකාපුවත්) – දැඩි ව්‍යසනයක්ව පැවති ඩෙංගු රෝගයේ අඩු වීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.

ඉදිරියේ දී ඊසානදිග මෝසම සක්‍රීය වන බැවින්, පවිත්‍රතා කටයුතු අඛණ්ඩව සිදුකළ යුතු බව ඇය අවධාරණය කර සිටියි. 2017 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් එක්ලක්ෂ හතළිස් පන්දහසක් පමණ වාර්තා විය.

ජූලි මාසයේ රෝගීන් හතළිස් දහසක් වාර්තා වී ඇති අතර මේ මස වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 16,000කි.

රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන්නේ, ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන නිසා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *