හැඳුනුම්පතේ ඡායාරූපයට ලබන පළමු වනදා සිට නව ප්‍රමිතියක්

(කොළඹ, ලංකාපුවත්) – ලබන පළමු වන දා සිට ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගැනීමේ ක්‍රමවේදය වෙනස් කර තිබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රමිතීන්ට අනුව ලබා ගන්නා ඡායාරූප පමණක් හැඳුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු බව ය.

ඒ සඳහා සුදුසුකම් ලත් ඡායාරූප ශාලාවල නාම ලේඛනයක් ද නිකුත් කර ඇති බව ඔහු පැවසී ය.

වියානි ගුණතිලක මහතා කියා සිටියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා ග්‍රාම නිලධාරීවරුන් වෙත ඒ පිළිබඳ උපදෙස් ලබා දී ඇති බව ය.

මේ අතර නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත ඔක්තෝබර් මුල සිට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *