අද තරගයේ ආරක්‍ෂාවට පොලිසියෙන් දහසක් – විශේෂ සීසීටීවී කැමරා පද්ධතියකුත්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද(31) පැවැතිවෙන් ඉන්දීය – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය සදහ විශේෂ පොලිස් ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව දහසකට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරියේ යෙදවීමට නියමිතය. විශේෂයෙන්ම මෙම තරගය සාමකාමී ලෙස නරඹන්නැයි ප්‍රේක්‍ෂකයින්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරනු ලැබේ.

ක්‍රීඩා පිටියේ කලහකාරී ලෙස හැසිරෙන සියලු දෙනා නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගනු ඇත.

එසේම සෑම ස්ථානයක්ම ආවරණය වන පරිදි විශේෂ සීසීටීවී කැමරා පද්ධතිය ස්ථාපිත කර තිබෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *