ඉදිරි වසර තුනේ සංවර්ධන යුගය පිළිබද සැලැස්ම ලබන සදුදා එළිදක්වනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර තුනේ සංවර්ධන යුගය පිළිබද සැලැස්ම ලබන සදුදා එළිදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මාළඹේ ප්‍රදේශයේ පැවති සුජීව සේනසිංහ කාන්තා පදනම පැවැත්වූ ඇගලුම් පාඨමාලාව සාර්ථකව නිම කළ කාන්තාවන්ට සහතික පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව මේ බව සදහන් කළේය.

මහන මැෂින් ප්‍රදානය ද මෙහිදී සිදුවිය. එක් කාන්තාවක වෙනුවෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මෙහිදී වෙන් කර තිබුණි. පළමු අදියරේදී කාන්තාවන් තුන් දහසකට මැහුම් පුහුණුව ලබා දී තිබේ.

කාන්තාවන්ට ආර්ථික මෙන්ම දේශපාලන ශක්තිය ලබා දුන්නේ වත්මන් රජය බව මෙහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් මෙන්ම දෙමාපියන් අහිමිවූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර හතලිහක් පිරීම වෙනුවෙන් කඩුවෙල ජනතාවගේ උපහාර තිළිණය රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමන ලදි.
.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *