ගාල්ල දිස්ත්‍රික්කයට ස්වභාවිත ආපදාවලින් බේරීමට සුරක්‍ෂිත මධ්‍යස්ථාන

(කොළඹ, ලංකාපුවත්) – ස්වභාවික ආපදා අවස්ථාවලින් බේරී සිටීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථාන දහයක සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකිරීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.

ඒ සඳහා මූල්‍යාධාර ලැබී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි.

අද (01)එවැනි මධ්‍යස්ථාන තුනකට මුල්ගල් තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

තවත් මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීමට යෝජිතය.

“අපිට ස්වභාවික විපත් නවත්තන්න හැකියාවක් නැහැ. නමුත් ස්වභාවික විපතක් සිදුවන අවස්ථාවක දී මිනිස් ජීවිත බේරාගන්නත්, හානිය අවම කරගන්නත් අපිට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපි රජයක් ලෙස ජනතාව ගැන සිතා කටයුතු කිරීම අවශ්‍ය වනවා. නමුත් අද වනවිට අපි ඉතා අසීරු තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. රටේ ඉතා විශාල ප්‍රදේශයක් නියඟයකින් පීඩා විඳිනවා. ලක්ෂ ගණනක් ජනතාව මේ නිසා විපතට පත්වෙලා. මාස කිහිපයකට පෙර දිස්ත්‍රික්ක කිහිපයකට ගංවතුර ගැලුවා. ඒ වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් එක් පැත්තකට ගංවතුර, අනිත් පැත්තට නියඟය. මෙය අසීරු තත්ත්වයක්.” යැයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *