ටාල් අෆාර් නගරය අයි එස් ත්‍රස්තයින්ගෙන් මුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ටාල් අෆාර් නගරය අයි එස් ත්‍රස්තයින්ගෙන් මුදාගත් බව ඉරාක අගමැති හයිදර් අල් අබාදි නිල වශයෙන් නිවේදනය කර තිබේ.

දින 12ක් පැවති සටන්වලින් අනතුරුව එම නගරය සහ නිනවා පළාත ත්‍රස්තයින්ගෙන් මුදාගත් බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය මස 20වනදා සිටි ඉරාක හමුදා අයි එස් ත්‍රස්තයින්ට එරෙහි මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

ටාල් අෆාර් නගරය වසර තුනක් තිස්සේ ත්‍රස්ත ග්‍රහනය යටතේ පැවතුණි. එය අයි එස් ත්‍රස්තයින්ගේ අවසාන බලකොටුව ලෙස ද සැලකේ.

අයි එස් ත්‍රස්තයින්ගේ කල්පිත රාජ්‍යයේ අගනගරය ලෙස ටාල් අෆාර් නගරය හඳුන්වාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *