බවුසරයක් පෙරළීමෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම නතර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉංගිරිය ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් බවුසරයක් පෙරළී යාමෙන් කළු ගඟට ඉන්ධන මිශ්‍ර වීමේ අවදානමක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

මේ හේතුවෙන් හොරණ – කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මොරටුව නගර සභා බල ප්‍රදේශය, පානදුර, හොරණ, පිළියන්දල, කැස්බෑව, බොරළැස්ගමුව, මිල්ලනිය, කහතුඩුව, නල්ලූරුව, කෙසෙල්වත්ත, රයිගම, බණ්ඩාරගම, වැල්මිල්ල, කුඹුකහේන, මොරොන්තුඩුව හා කිරිවත්තුඩුව යන ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.

ජල සැපයුම් යථා තත්ත්වයට පත්වන වේලාව දැනුම් දිය නොහැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *