දැඩි සත්කාර ඒකකයේ සිටින ගීතාගේ අළුත්ම තත්වය

(කොළඹ, ලංකාපුවත්) – සිය නිවසේදී ඉකුත් සෙනසුරාදා(02) දහවල් ගෑස් සිලින්ඩරයක නළයක් පිපිරීමෙන් දෑත්, උදරයේ සහ පාදවල පිළිස්සුම් තුවාල සිදුවූ සිනමා නිළි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

කුමාරසිංහ මහත්මියට තව දින දෙකක් පමණ රෝහල්ගතව සිටීමට සිදු වෙතැයි එම මහත්මියගේ පවුලේ සාමාජිකයෙක් පැවසීය.

ඇයගේ තත්ත්වය බරපතළ නොවූවත් විෂබීජ සහ අනෙකුත් අතුරු ආබාධවලින් ආරක්ෂා කර ගැනීම සදහා ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *