ලක්‍ෂ 04කට අධික ව්‍යාජ මුදල් නෝට්ටු මිද්දෙණියෙන්

(කොළඹ, ලංකාපුවත්) – මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි අයිතිකරු සන්තකයේ තිබූ ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 245ක් සහ ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 41ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අද(04) උදෑසන මිද්දෙණිය පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ නිවස වටලා තිබුණි.

අත්අඩංගුවට ගත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී මිද්දෙණිය ප්‍රදේශයේ ස්ටුඩියෝ ආයතනයක් පවත්වාගෙන ගිය එහි හිමිකරු මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබේ. එහි තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රණ යන්ත්‍රය සමගින් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 38 හා 27 වියේ පසුවන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

එම සැකකරුවන් දෙදෙනා අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *