ආසියානු බේස් බෝල් තරගාවලියට ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු බේස් බෝල් තරගාවලියට ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට සුදුසුකම් ලබා ඇත.

බටහිර ආසියානු බේස් බෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ රටවල් 04ක් පරාජයට පත්කරමිනි.

මෙම ජයග්‍රහණය හේතුවෙන් ආසියානු බේස් බෝල් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත්තේය.

ලබන මාසයේ දෙවන දා සිට තායිවානයේ දී පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල පුහුණුවීම්වල නිරතවේ. ඒ දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස් බෝල් ක්‍රීඩා පිටියේදීය.

ආසියානු බේස් බෝල් තරගාවලියට චීනය ඇතුළු රටවල් අටක් එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *