දකුණු කොරියාවෙන් පරීක්ෂණ මිසයිල අත්හදා බැලීමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව ඊයේ(03) සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර ලෙස දකුණු කොරියාව පරීක්‍ෂණ මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබේ.

මෙම අත්හදා බැලීම අතරතුර ප්‍රහාරක යානාවලින් සහ භූමියේ සිට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. අමෙරිකා ආරක්‍ෂක ලේකම් ජේම්ස් මැටිස් උතුරු කොරියාව තම රටට හෝ එහි මිත්‍ර රාජ්‍යයන්ට තර්ජනයක් එල්ල කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි යුදමය ප්‍රතිචාරයක් දක්වන බව මින් පෙර ප්‍රකාශ කර තිබුණි.

ජගත් සංවිධානයේ සහ ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය ද නොතකා උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරත වේ. ඊයේ දින දිගු දුර මිසයිලයකට සවි කළ හැකි හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බවයි ඔවුන් නිවේදනය කළේය.

උතුරු කොරියාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂණ මණ්ඩලය අද දින හදිසි රැස්වීමක් කැඳවීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *