(UPDATE) සරණ ගුණවර්ධන රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කොළඹ අපරාධ කොට්ඨාශසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (04) දිනයේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය නමින් ආනයනය කළ රුපියල් අසූ ලක්ෂ 95,000 ක් වටිනා කැබ් රථයක් සාපරාධි සාවදය පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාව මෙලෙස පැමිණ තිබුණි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගුණවර්ධන මහතාව කොළඹ කොටුව මහේස්ත්‍රාත්ත අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව ලබක 18වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *