ඉඩම් ඔප්පු මිලියන දෙකක් ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතිනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉඩම් ඔප්පු මිලියන දෙකක් ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බවත් ඉඩම් ප්‍රතිපත්තිය නැවත සංශෝධනය කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්.සල්මන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.

මෙහිදී පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

අද ජනගහනය මිලියන 23ක්. අපි ඉඩම් ආඥා පනත ගේනකොට රටේ ජනගහනය මිලියන 3ක්. රටේ විශාල ප්‍රශ්නයක්. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලින් ඉඩම් ලබාදෙන්න ප්‍රතිපත්තියක් තිබෙන්නේ. අවම වශයෙන් ඉඩම් වුවමනයි කෘෂිකර්මයට. නිවාස හදන්න ඉඩම් අවශ්‍යයි. කොළඹ අද තට්ටු නිවාස හදන්න වෙලා තියෙන්නේ. අලුතින් ප්‍රතිපත්තිය ගැන හිතන්න වෙලා තිබෙනවා. රජයේ යළි සිතන්න වෙයි ඉඩම් හා නිවාස ලබාදීම පිළිබඳව. මැතිවරණ පොරොන්දුවක් වන ඉඩම් ඔප්පු මිලියන දෙකක් ලබාදීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කරමින් පවතිනවා. ඉඩම් ප්‍රතිපත්තිය නැවත සංශෝධනය කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව නැවත සිතා බැලිය යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *