නෙළුම් කුළුණ බලන්න ජනපති යයි

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) පෙරවරුවේ එක් විය.

අදාළ ඉංජිනේරුවන් සමග සුහද කථා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳව විමසා බැලු ජනාධිපතිතුමා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.

ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුණේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියක් ද ඉදිකෙරේ.

මෙම සියලු ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව මෙහිදී ඉංජිනේරුවෝ ප‍්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *