මැගසින් බන්ධනාගාරයට කජු සමඟ කුඩු

(කොළඹ, ලංකාපුවත්) – හෙරොයින් සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගතකර සිටින බොරැල්ල ප්‍රදේශයේ සැකකරුවෙකු බැලීමට කොළඹ මැගසින් බන්ධනාගායට පිටතින් පැමිණි අයෙකු රැගෙනවිත් ඇති රටකජු පාර්සලයක තිබී හෙරොයින් පැකට් 18ක් (ග්‍රෑම් 01ක) බන්ධනාගාර බුද්ධි අංශයේ සෝදිසි කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස හොරොයින් රැගෙන ආ පුද්ගලයා බන්ධනාගාර බුද්ධි අංශය විසින් බොරැල්ල පොලීසියට භාර දී තිබේ.

එහි දී බොරැල්ල පොලීසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම පුද්ගලයා මේ වන විට බන්ධනාගාරගත කර ඇති බවට වාර්තා වේ.

බන්ධනාගාරයන් තුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට සූක්ෂමලෙස යොදා ගෙන ඇති නවතම ක්‍රමයක් ලෙස මෙම සිද්ධිය හැදින්විය හැකි බව බන්ධනාගාර බුද්ධි අංශය විසින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *