තව දවස් 05ක් තද වැස්ස

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි දිනවලදී දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වය ලබන 12 වනදා දක්වා පැවතිය හැකිය.

පවතින කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසද මෙහිදී එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනු ලැබේ.

මේ අතර ඇහැලියගොඩ ඉඩම්ගොඩ ප්‍රධාන මාර්ගයේ එප්පාවල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

එම මාර්ගය ජලයෙන් යට වී ඇති බැවින් ගමනා ගමන කටයුතු ඇනහිට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *